මහර රැඳවියන් භාවිත කළ බව කියන පෙත්තක් ගැන විමර්ශන
මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ 56ක් ඊයේ දිනය වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම රැඳවියන් විවිධ වර්ගයේ පෙති වර්ග පානය කර තිබූ බවට තොරතුරු ලැබී තිබුණ බවත් එසේ පෙති පානය කිරීම නිසා අවේගව හැසිරුණාද යන්න සැකයක් ඇති බවත් ඔහු පැවැසීය.
එම පෙති ඖෂද විශේෂඥයින් වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවත් ඒ පිළිබඳව විශේෂඥ මතය ලබා ගැනීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අලාභ වූ දේපළ පිළිබඳව මෙම කැරැල්ල පසුපස කවුරුන් හෝ සිටීද යන්න පිළිබඳවත් තවදුරටත් විමර්ශන කරන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවැසීය.
-
Demuni Uduwara Friday, 04 December 2020 07:43 PM
Don't under-value their protest.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

